ඉන්දුනීසියා ගුවන් යානය කඩා වැටුණු ස්ථානය

Share

ජකර්තා අගනුවර සිට ගමන් ආරම්භ කර සුළු මොහොතකින් මුහුදට කඩා වැටුණු ඉන්දුනීසියාවේ බොයිං 737 වර්ගයේ ගුවන් යානය කඩා වැටුණු ස්ථානය සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ශ්‍රී විජය එයාර් ගුවන් සේවයට අයත් මේ ගුවන් යානය මඟීන් 62ක් ද රැගෙන බටහිර කැලිමන්තන් ප්‍රාන්තයේ පොන්ටියනැක් දක්වා ගමනේ නිරත ව තිබියදී ගමන් අරඹා විනාඩි හතරක් ඇතුළත කඩා වැටී තිබේ.

ඉරිදා (10) දිනය වන විට එහි කළු පෙට්ටියෙන් යැයි සැකකෙරෙන තරංග හඳුනාගෙන තිබේ.

නාවුක හමුදා කිමිදුම්කරුවන් රැගත් නෞකා 10ක් පමණ අනතුර සිදු වූ මුහුදු ප්‍රදේශයේ සෙවීමේ කටයුතු සඳහා සේවයේ යොදවා තිබේ. “අපට ස්ථාන දෙකකින් සංඥාවන් ලැබෙනවා. මේවා නැති වූ යානයේ කළු පෙට්ට්යෙන් යැයි සැක කරනවා” යැයි ඉන්දුනීසියාවේ මුදා ගැනීමේ නියෝජිතායතනයේ ප්‍රධානී බාගුස් පුරුහිතෝ සදහන් කර ඇත.

මේ අතර එම යානයේ රෝදයක් ඇතුළු සුන්බුන් කොටස් යැයි විශ්වාස කෙරෙන හමු වී ඇති දේ පිළිබඳ විශ්ලේෂණයේ නිරත වන බව පරීක්ෂකයෝ පවසති.

ජකර්තා පොලීසියේ ප්‍රකාශක යුස්රි යූනුස් පවසන්නේ ගමන් මළු දෙකක් හමු වී ඇති බවයි. එක් ගමන් මල්ලක මඟියකුගේ බඩු තිබී ඇති අතර අනිත් ගමන් මල්ලේ ශරීර කොටස් තිබූ බව වාර්තා වෙයි.

සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු ඉරිදා උදෑසන සිට අඛණ්ඩව සිදු කරගෙන යන බවත් පොලිස් ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය. සෙවීමේ කටයුතු සඳහා ගුවන් යානා 4ක් ද යොදවා තිබේ. මඟීන්ගේ ශරීර කොටස් සහ තවත් සුන්බුන් මුහුදු පතුලෙන් හමු වී යැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අතුරුදන් වූ ඉන්දුනීසියාවේ බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානය මුහුදට කඩා වැටී ඇති බව ඉන්දුනීසියා ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අධික වර්ෂාව හේතුවෙන් නියමිත කාලයට වඩා විනාඩි 30ක් ප්‍රමාද වී ගුවන්ගත කෙරුණු මෙම යානය රේඩාර් පථයෙන් ගිලිහී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිනිත්තුවකට අඩු කාලක් තුළ මෙම යානය කඩා වැටෙන විට මුහුදු මට්ටමේ සිට අඩි 10,000ක උසකින් යානය පියාසර කරමින් තිබූ බවයි.

විදුලි වේගයෙන් මුහුදට කඩා වැටුණු යානය මුහුදේදී පුපුරා ගිය බව මෙම යානය කඩා වැටෙනු දුටු ධීවරයකු සඳහන් කළේ ය.

අනතුරට පත් වනවිට එම යානය බටහිර කලිමන්තාන් හි පොන්ටියානක් ප්‍රදේශය වෙත පියාසර කරමින් තිබූ බව සඳහන් ය.

යානයේ සිටි සියලු පුද්ගලයින් ඉන්දුනීසියානුවන් වන අතර විපතට පත්වූවන් පිළිබඳ සෙවීමට නෞකා සහ සහන සේවකයන් කණ්ඩායමක් යැවූ බව ඉන්දුනීසියා බලධාරීන් ප්‍රකාශ කළේ ය.

එම යානය අයත් ශ්‍රී විජයා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීයා සඳහන් කළේ, අනතුරට පත්වීමට පෙර යානයේ කිසිදු දෝෂයක් නොපැවති බවයි .

මෙම අනතුර පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට කටයුතු කරන බව බෝයිං ආයතනය සඳහන් කළේ ය.

අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වී අතුරුදන් වූ බෝයිං 737 වර්ගයේ යානයේ බවට සැක කෙරෙන සුන්බුන් ජකාර්තා නුවරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ පස්වරුවේ ජකර්තා අගනුවර සිට බෝර්නියෝ දූපත් බලා පියාසර කිරීම සඳහා ගුවන් ගත වූ යානයක් ගුවන් පාලක මැදිරිය සමග තිබූ සබඳතා බිඳ වැටී ඇත.

අදාළ යානයේ මගීන් 56ක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ගුවන් යානය ජකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් බලා පියාසර කිරීමට ගමන් අරඹා තිබු අතර එලෙස අතුරුදන් වී ඇත්තේ ශ්‍රී විජය ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයකි.

Indonesia map

Archive photo of Sriwijaya Air plane on runway in Jakarta

Read more

Local News