බස්නාහිර පළාත තුළ අද විශේෂ මෙහෙයුම්

Share

අද (11) දිනයේ දී සෞඛ්‍ය බලධාරීන් හා පොලිසිය එක්ව විශේෂ මෙහෙයුම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

 

ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 15 වන දිනයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය අනුව ආයතන පවත්වා ගෙන යෑම පිළබඳ සොයා බලනු ලබයි

මේ අනුව කර්මාන්ත ශාලා ,සුපිරි වෙළඳ සැල් ,ආයතන ආදිය නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කරයි ද යන්න පිළිබඳ අවධානය යොමු කරනු ලබන බව ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේය.

මේ අතර රටතුල පවත්නා කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිම්න් පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 34ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2415 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 2250කට එරෙහිව මේ වන විට නඩු පවරා ඇත.

අජිත් රෝහණ මහතා වැඩ්දුරටත් පැවසුවේ ජනතාව හැකි උපරිමව සෞඛ්‍ය නීති රීතින් වලට අවනත වි කටයුතු කළ යුතු බවය.

මේ අතර අද (11) උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 543ක් හදුනාගෙන තිබේ.

ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ රෝගීන් 217කි.

ඊට අමතරව රත්නපුරු දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 40ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 85ක් ද අනෙක් 194දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාරතා විය.

මෙරට වෙෙරසය අාසාදනය වූ රෝගින් ගණන 44596ක් වන අතර ඉන් පුද්ගලයින් 38567ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මේ අතර මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන 232ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වල රෝගීන් 6826ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ මෙරට තුළ PCR පරීක්ෂණ 16206ක් සිදු කර තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 73ක් තුළ පුද්ගලයින් 16206ක් නිරෝධායනය වෙම්න් සිටි.

Read more

Local News