සංචාරකයෝ ගෙන්වීමට පෙර ජනතාවට කළ යුතු දෙයක් විපක්ෂ නායක කියයි

Share

යුක්‍රේන සංචාරකයෝ ගෙන්වීමට පෙර රටේ ජනතාවට කොරෝනා එන්නත ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෙල්දෙණිය ප්‍රදේශයේ පැවැති විපක්ෂ නායක ජංගම සේවයේදී පැවසීය.

 

ප්‍රදේශයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ජනතාව ඊට එක්ව සිටි අතර ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව විපක්ෂ නායකතුමාගේ අවධානයට යොමු කළහ.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ “රජයක අරමුණ විය යුත්තේ තමන් පත් කරපු ජනතාවත් රටේ සමස්ත ජනතාවත් සෞභාග්‍ය කරා ගෙන යෑම. නමුත් අද අපට පෙනෙනවා වර්තමාන රජය රට සෞභාග්‍ය කරා ගෙන යනවා වෙනුවට ,අන්ත අගාධයක් කරා ගෙන යනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරලා තිබෙනවා මේ කොරෝනා අවධියේ ක්‍රියාත්මක විය යුතු PCR පරීක්ෂණ ප්‍රමාණය දැන් එන්න එන්නම අඩු කරල තිබෙනවා කිය. ඇත්ත වශයෙන් ම වර්තමාන තත්ත්වය තුළ PCR පරීක්ෂණ වැඩි කරන්නට ඕන. හැමදාම අපිට අහන්නට ලැබෙනවා හාරසියයක් පන්සීයක් ආසාදිත ලැයිස්තුවට එකතු වෙනවා. මගේ මතකය හැටියට ඊයේ දවස වෙනකොට දළ වශයෙන් හතලිස් හත් දාහකට වැඩි ප්‍රමාණයක් මේ corona 19 වැළඳිලා තිබෙනවා. මගේ මතකේ හැටියට ඊයේ දවස වෙනකොට මරණ 225ක් සිදුවෙලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ අපි කරන්නට ඕන දේ තමයි PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීම නොවේ PCR පර්යේෂණ ප්‍රමාණය වැඩි කරන්නට ඕන. රටට සංචාරකයෝ ගෙන්නන්න ට පෙර අපේ රටට අවශ්ය එන්නත ගෙන්න ගන්නට ඕන. ජනතාව ජීවත් කරවීමේ එන්නත. බොරු මිත්‍යාවන් රටට ඉදිරිපත් කරලා ජනතාව රවට්ටලා ,සෙනග රැස් කරවලා, එයිනුත් කොරෝනා පොකුරු නිර්මාණය කිරීම ඉතාමත්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. රජයෙන් ඉල්ලුම් කරනවා කරුණාකරලා ජනාධිපතිවරණයට පෙර සිට මේ රටේ ජනතාවට කරපු මේ බොරුව කරුණාකරලා නතර කරන්න. රටේ ජනතාව රැවැට්ටුවා ඇති ,රටේ ජනතාව මේ රැවටිලි දේශපාලනයෙන් හෙම්බත් වෙලා තියෙන්නේ . ජනතාවට එපා වෙලා තිබෙන්නේ. පොදු ජනතාවට මම කියන්න කැමතියි ,තමුන්නාන්සේලාට තිබෙන එකම විකල්පය “සමගි ජන බලවේගය” යි. වෙන විකල්ප නැහැ. වෙන වැඩ පිළිවෙළක් නැහැ . මේ තරම් ජනතාවාදී , මේ තරම් ජනතා හිතෛෂී, මේ තරම් පොදු ජනතාවට ළංවන කිසිම බලවේගයක් මේ රටේ වෙන නැහැ. ඒක තමයි සත්යය. ඒ නිසා අපි ලෑස්තියි ,අපි සූදානම් තමුන්නාන්සේලාගේ අනාගත වගකීම බාරගන්න.” යනුවෙන් පැවසීය.

Read more

Local News