කැලෑවකින් මතුවූ හෙරොයින්

Share

බලපිටිය, කොස්ගොඩ ප්‍රදේශයේ ළඳු කැලෑවකින් හෙරොයින් තොගයක් සොයාගෙ තිබේ.

 

පොලිස් විශේෂ කාර්යය බලකාය සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාළ හෙරොයින් තොගය සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

එහි තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 20ක ප්‍රමාණයක් එලෙස සොයා ගැණුනු අතර බෙදා හැරීමේ අරමුණින් එම හෙරොයින් තොගය සඟවා තබන්නට ඇති බවට සැක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

අදාළ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් සෙයා පරීක්ෂණ ආරම්භකර ඇත.

Read more

Local News