එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ලංකාවට : දිමුත් අද නායකත්වයෙන් ඉවතට

Share

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

 

දෙරට අතර ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිත අතර පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් නායක දිමුත් කරුණාරත්නට අද තරග අහිමි විය.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.

ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම්කර තිබුණි.

ඒ අනුව දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් 22 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

Read more

Local News