ජනපති ප්‍රධානත්වයෙන් ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ වාර්ෂික සැසිවාරයේ සමාරම්භක උත්සවය

Share

ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ 2018 වාර්ෂික සැසිවාරයේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය විසින් අඛණ්ඩව 36 වන වරටත් සංවිධානය කරන ලද වාස්තු විද්‍යා ප‍්‍රදර්ශනය ද මේ හා සමගාමීව පැවැත්වෙන අතර A-18 “වාස්තු විද්‍යා 2018“ නමින් එය පෙබරවාරි 25 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.

290කට අධික වෙළෙඳ ප‍්‍රදර්ශන කුටි සංඛ්‍යාවක් සහ වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ ප‍්‍රදර්ශනය කෙරෙන ඩිජිටල් පුවරු ඇතුළු ප‍්‍රදර්ශක 126 ක් සහිත අත්දැකීම් රැසක් ලබාදෙන වාස්තු විද්‍යා සහ වෙළෙඳ ප‍්‍රදර්ශනය පෙ.ව 10.00 සිට ප.ව 10.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතය.

වාස්තු විද්‍යාව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටුකළ වාස්තු විද්‍යාඥයින් සිව් දෙනෙකු වෙත අධි සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

Read more

Local News