ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රයේ පළමු ස්ථානය ගත් රට

Share

2021 වසරේ ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස ජපානයේ විදේශ ගමන් බලපත්‍රය පළමු ස්ථානය තේරී පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ලොව පුරා ගමනාන්ත 191 ක් සදහා වීසා නොමැතිව හෝ ගුවන්තොටුපොලේදීම වීසා ලබා ගැනීමේ පහසුකම් පැවතීම හේතුවෙන් ජපන් ගුවන් බලපත්‍රය ලොව පුරා බලවත් බටහිර රටවල් අභිබවමින් මෙම ස්ථානයට පත් වී ඇත.

ලොව පුරා රටවල් වල විදේශ ගමන් බලපත්‍රවල බලවත්කම මනිනු ලබන ලොව ප්‍රධාන දර්ශකයක් වන හෙන්ලේ විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ( Henley Passport Index ) ශ්‍රේණිගත කිරීම් වලට අනුව මෙම ලැයිස්තුගත කිරීම සිදු කර තිබේ.

එම ලැයිස්තුවේ පිළිවෙලින් දෙවැනි ස්ථානය සිංගප්පූරුවටද , තෙවැනි ස්ථානය දකුණු කොරියාව හා ජර්මනියට හිමි වී ඇත.

2021 හෙන්ලේ විදේශ ගමන් බලපත්රය දර්ශකයට අනුව ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය හිමි රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සිය වැනි ස්ථානයේ පසුවන අතර එමගින් රටවල් 43 කට වීසා නොමැතිව යා හැකි එහි සදහන්.

පසුගිය වසරේ එම දර්ශකය සිදුකළ ශ්‍රේණිගත කිරීම් වලදී ශ්‍රී ලංකා විදේශ බලපත්‍රයට 95 වන ස්ථානය හිමි වී තිබේ.

2021 වසරේ හෙන්ලේ විදේශ ගමන් බලපත්‍ර දර්ශකය අනුව ලොව බලවත්ම ගුවන්ගමන් බලපත්‍රයක් සහිත රටවල් ලැයිස්තුවේ පිළිවෙළින් සිව්වැනි ස්ථානය ඉතාලිය, ෆින්ලන්තය, ස්පාඤ්ඤය සහා ලක්සම්බර්ගය ද, පස් වැනි ස්ථානය, ඩෙන්මාර්ක හා ඔස්ට්‍රියාවද, සයවැනි ස්ථානය ස්වීඩනය, ප්‍රංශය, පෘතුගාලය, නෙදර්ලන්තය,අයර්ලන්තය යන රටවල්ද, හත්වැනි ස්ථානය ස්විට්සර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නෝර්වේ,බෙල්ජියම සහ නවසීලන්තයද තේරී පත්ව ඇත.

මෙම ලැයිස්තුවේ අට වැනි ස්ථානයට ග්‍රීසිය, මෝල්ටා, චෙක් ජනරජය, හා ඕස්ට්‍රේලියාව ද, නමවැනි ස්ථානයට කැනඩාවද, දහ වැනි ස්ථානයට හංගේරියාව පසුවෙයි.

2021 වසර සදහා ව හෙන්ලේ විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ලොව දුර්වලතම විදේශ ගමන් බලපත්‍රයක් හිමි රටවල් ලෙස උතුරු කොරියාව, ලිබියාව, නේපාලය, පලස්තීන අධිකාරිය, සෝමාලියාව, යේමනය, පකිස්ථානය, සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය ලැයිස්තුගත කොට තිබේ.

ලොව පුරා රටවල් 40 කට අඩු ගණනකට වීසා රහිත හෝ වීසා බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රවේශය පැවතීම නිසා මෙම රටවල් දුර්වලතම විදේශ ගමන් බලපත් සහිත රටවල් ලෙස ලැයිස්තුගත කොට ඇත.

Read more

Local News