මෙම වසර අවසන් වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

Share

මෙම වසර අවසන් වීමට ප්‍රථම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේකෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය, මහ­ාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

 

රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් මේ සඳහා පත් කර තිබෙන බවත්, වසර 43ක් පැරණි 1978 ව්‍යවස්ථාවේ පැහැදිලි වෙනසක් සිදු විය යුතුව තිබෙන බවත් ඒ් මහතා කීවේය. මහනුවර ගැටඹේ රජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගියදා (16) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමැතිවරයා රට අවදානමට පත් නොකරන ලෙස මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කළත්, මේ රටේ බහුතර ජනතාව ඉල්ලා සිටින්නේ දරුවන්ගේ අනාගතය අන්ධකාරයෙන් වැසීමට ඉඩ නොතබා පාසල් විවෘත කරන්න යැයි හෙතෙම අවධාරණය කළේය.

Read more

Local News