ශල්‍යකර්ම සඳහා භාවිතා කරන රෙදි ස්වයංක්‍රීය යන්ත්‍ර සුත්‍ර මගින් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියකට ගිවිසුම් අත්සන් කිරීම අද

Share

බස්නාහිර පළාතේ රෝහල්වල රෝගීන් සහ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන රෙදි ස්වයංක්‍රීය යන්ත්‍ර සුත්‍ර මගින් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
ඉන්දීය සමාගමක් විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක් වෙයි.

Read more

Local News