පානදුරට පැය 8කට ජල සැපයුම අත්හිටුවයි

Share

අද(21) රාත්‍රී 8 සිට පානදුර ප්‍රදේශ කිහිපයකට හෙට (22) අලුයම 4 දක්වා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව පානදුර ජල සම්පාදන ක්‍රමය මගින් ජලය බෙදා හරිනු ලබන නගර සභා බලප්‍රදේශය හා කෙසෙල්වත්ත හැර ප්‍රාදේශීය සභා සීමාවට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඊට අමතරව වාද්දූව ප්‍රදේශයේ කොටසකට ද අද රාත්‍රී 8.00 සිට ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Read more

Local News