ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්‍යය චාරිත්‍රවලට අනුව අරඹයි (ඡායාරූප)

Share

නව වසරේ අළුත් සහලින් දළදා සමිඳු පුදන “අළුත් සහල් මංගල්‍යය” තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතයි

 

අළුත් සහල් මංගල්‍යය එළඹෙන දුරුතු පසළෙසේවක පොහෝ දා සිදු කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් කෙත් වතුවලින් නෙලා ගත් සාරවත් වී අස්වැන්නේ සහලේ අග්‍ර කොටස පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුවේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත අද(21) ඇතුන් පිරිවරා ගත් පෙරහරින් රැගෙන එනු ලැබිය

පෙර දිනයේ සහල් මැන, ශ්‍රී දළදා මාලිගාව හා සිව් මහා දේවාල වල කොටස් වෙන් කිරීම පුරාතන සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව සිදු වූයේ පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුව අසළ දීයි

              

Read more

Local News