ETI හිටපු අධ්‍යක්ෂවරු තිදෙනෙකුගේ ඇප පෙත්සම් ලබන 27 වැනිදා සලකා බැලේ

Share

තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා ස්වර්ණමහල් ෆයිනැන්ෂල් සර්විසස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරු තුන්දෙනෙකු විසින් ඉදිරිපත්කර තිබෙන අපේක්ෂිත ඇප පෙත්සම් ලබන 27 වැනිදා සලකා බැලීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

 

එහෙත් අපේක්ෂිත ඇප පෙත්සමක් ඉදිරිපත්කර තිබූ අදාළ සමාගමේ තවත් අධ්‍යක්ෂවරියක වන දීපා එදිරිසිංහ ගේ පෙත්සමේ තිබු මුද්‍රණ දෝෂයක් හේතුවෙන් එම පෙත්සම ප්‍රතික්ෂේප කරන බව ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා පැවසීය.

කෙසේවෙතත් ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ යන අය විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත පෙත්සම් ලබන 27 වන දා විභාගයට ගන්නා බවත් එහි සඳහන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වෙත නොතිසි නිකුත් කරන බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම පෙත්සම් ඊයේ (20) විභාගයට සඳහා කැඳවූ අවස්ථාවේදී ඒවා විභාග කිරීමට තමන්ට අධිකරණ බලයක් තිබේද? යන්න පිළිබඳ ප්‍රශ්නයක් මහෙස්ත්‍රාත්වරයා විසින් මතුකර තිබුණි.

එහෙත් අද (21) දින පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත්කළ ලේඛන පරීක්ෂා කිරීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා තීන්දු කළේ අදාළ පෙත්සම් විමසීමට තමන්ට අධිකරණමය බලය තිබෙන බවය.

Read more

Local News