ඉන්දියාවේ 72 වන ජනරජ දිනය අදයි (ඡායාරූප)

Share

ඉන්දියාවේ 72 වන ජනරජ දිනය අදට යෙදී තිබේ.

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ උප ජනාධිපති වෙන්කයියා නායිදු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනරජ දින උළෙල ආරම්භ විය.

මෙවර රිපබ්ලිකන් දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා ලැබූ එංගලන්ත අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන්, එංගලන්තයේ කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් උත්සන්න වීම හේතුවෙන් ඊට සහභාගී නවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සමාජ දූරස්ථභාවය පවත්වා ගනිමින් පැවති එම ජනරජ උළෙලෙහි පෙළපාළි සඳහා සහභාගී වූ ආරක්ෂක බලඇණි ගණන 144 සිට 96 දක්වා අවම කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වර්ෂ 1947දී ඉන්දියාව, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් නිදහස ලබා ගත් අතර ඉන්දියාව ස්වෛරී රාජ්‍යයක් බවට පත් වූයේ 1950 ජනවාරි 26 වන දින ඉන්දීය ව්‍යවස්ථාව බලාත්මක කිරීමත් සමගයි.

නව ගොවි පනත්වලට දැඩි විරෝධය පළ කරමින් ඉන්දීය ගොවීන් 25000 ක් පමණ දිල්ලි නගර සීමාව ආශ්‍රිතව විරෝධතාවල නිරතවන පසුබිමකදී මෙවර ජනරජ දින උළෙල සැමරීම සිදු කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

      

Farmers hold tractor rally as they ride through the smoke of tear gas fired by the police in New Delhi [Sajjad Hussain/AFP]

Farmers participate in an earlier 'tractor rally' on a highway on the outskirts of New Delhi [File: Adnan Abidi/Reuters]

 

Read more

Local News