ගුරුවරුන්ටත් කොරෝනා එන්නත දීමට පියවර

Share

රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය සැළකිල්ලට ගනිම්න් පාසල් පද්ධතිය යළි ක්‍රමයෙන් විවෘත කිරිමට පියවර ගැනීමත් සමග මේ මස අග භාගය වන විට මෙරට සමස්ත ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබා දීමට හැකි වනු ඇති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් ඵීරිස් මහතා පවසයි.

 

මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සදහන් කළ ඒ මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක බළකයේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා සමඟ කතා කළ බවත් ගුරුවරුන්ට කොවිඩ් එන්න්ත ලබා දීමට මේ මස අග වනවිට හැකි වනු ඇති බවට ඒ මහතා ප්‍රකාශ කළ බවත් සදහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යවරය වැඩ්දුරටත් පැවසුවේ ” මේ සම්බන්ධයෙන් ස්ථීර පොරොන්දුවක් දෙන්න බැහැ. එය ලබා දීමට හැකියාවක් පවතින බව කිව හැකියි. ගුරුවරුන් කියන්නේ දිනපතා සිසුන් සමඟ ගැටෙන පිරිසක් ගුරුවරුන්ට මේ එන්නත ලබා දීම සාධාරණ සහ යුක්ති සහගතයි කියන මතයේ අපි සිටිනවා ඒ නිසායි අපි මේ ගැන අවධානය යොමු කළේ” බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) නෙලුම් මාවතේ පිහිටි මාධය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය.

Read more

Local News