22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග හංවැල්ල පොලීසිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අදාල තරුණිය නැවතී සිටි නිවසක තිබී හෙරොයින් ග්‍රෑම් 55ක් අයිස් ග්‍රෑම් 35ක් සහ ගංජා ග්‍රෑම් 5ක් සොයාගෙන ඇති අතර පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එම තරුණිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නියක ලෙස කටයුතු කර ඇති බවයි.
දැනට විදේශගතව සිටින ලලියා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අතරමැදියෙකු ලෙස ඇය කටයුතුකර ඇති බවද හෙළි වී තිබේ.
පොලිසිය මේ පිළිබද වැඩ්දුරටත් පරීක්ෂණ පවත්වයි.