පෑලියගොඩ දී හෙරොයින් සමග සැකකරුවකු අත්අඩංගුවට

Share

ඊයේ දිනයේ දහවල් පෑලියගොඩ පොලිස් වසමේ මල්වත්ත ප්‍රදේශයේදී පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 6ක් මිලිග්‍රෑම් 370ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු කැළණිය ප්‍රදේශයේ පදිංච්කරුවකු වන අතර වයස අවුරුදු 32ක පුද්ගලයෙකි.

සැකකරු අද දිනයේ අළුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තව තිබේ.

පෑලියගොඩ පොලිසිය වැඩ්දුර විමර්ශන පවත්වයි.

Read more

Local News