කොවිඩ් එන්නතෙන් මෙතෙක් කාටවත් බරපතල ආසාත්මිකතා නෑ : රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

Share

කොරෝනා මර්දන එන්නත මේ වන විට ලක්ෂය ඉක්මවූ පිරිසකට ලබාදී ඇතත් මේ වන තෙක් එම එන්නතෙන් කිසිදු බරපතල අතුරු ආබාධ හෝ ආසාත්මිකතා වාර්තා නොවූ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද දින මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවාය.

 

පළමු අදියරේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට එන්නත ලබාදුන් අතර ඊළග අදියර වශයෙන් ජනතාවට එනම් 60ට වැඩි ජනගහනයට හා 60න් පහළ හදුනාගත් සියලු දෙනාටම ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබුණු පසු චීනයෙන් අප රටට ලබාදීමට නියමිත එන්නත් ලක්ෂ 03ක ප්‍රමාණයද ලබාගනිමින් ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය ඇමතිතුමිය පැවසුවාය.

Read more

Local News