බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Share

බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

වඳුරඹ, ලංකා විදුලබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයාට පහර දී රාජකාරියට බාධා කිරීම හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් එම පුද්ගලයාව වඳුරඹ පොලීසිය විසින් ඊයේ(06) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස අසලින් විදුලි රැහැන් ඇදීමේ දී මෙලෙස බාධා කිරීමක් සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වඳුරඹ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද(07) දිනයේ දී ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News