වැලන්ටයින් දවසේ අනවසරයෙන් සාද පැවැත්වුවොත් වෙන දේ

Share

ලබන 14 වැනිදාට යෙදී තිබෙන වැලන්ටයින් දිනයේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට පටහැනිව සාද පවත්වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව කිසිම ආකාරයක සාද, ප්‍රියසම්භාෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි.

මෙම දිනය සැමරීමට විවිධ නීතිවිරෝධී සාද, ප්‍රියසම්භාෂණ, සමාජ ජාල හරහා සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තාවන බව ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News