නිරෝධායන නීති කඩ කළ ආයතන 1,300කට නඩු : තවදුරටත් ආයතන පරීක්ෂාවට

Share

රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිම්න් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 1,300කට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

මේ අතර පසුගිය ජනවාරි 10 වන දින සිට මේ දක්වා කාලය තුළ ආයතන 12,012ක් පරීක්ෂාවට ලක්කර ඇති බවත් එහිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 1,389ක් සොයාගෙන ඇති අතර ඉන් 1,300කට මේ වන විට නඩු පවරා තිබෙන බව ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

ඊයේ (08) දිනයේදී ද පරීක්ෂාවට ලක්කළ ආයතන 407ක් අතුරින් ආයතන 38ක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට පටහැනිව කටයුතු කර ඇත.

Read more

Local News