ශිෂ්‍යාවකට පහර දුන් ගුරුවරයාව අත්අඩංගුවට

Share

නුගවෙල නයාපාන විද්‍යාලයේ දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක් දැල්පන්දු පුහුණුවට සහභාගී නොවුවැයි කියා ඇයට පහර දීම හේතුවෙන් එම විද්‍යාලයේ ක්‍රීඩාභාර ගුරුවරයා අද (23) අත්අඩංගුවට ගත් බව පුස්සැල්ලාව පොලිසිය කියයි.

පහර දීමෙන් කනේ ඇතිවුණු ආබාධයක් නිසා ඇය ගම්පොළ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර පරික්ෂණ සඳහා මහනුවර මහ රෝහලට මාරු කිරීමෙන් අනතුරුව අදාල පරීක්ෂණ සිදුකර නැවත ගම්පොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය වු දිනයේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම ශිෂ්‍යාව පුහුණුවීම් කටයුතු වලට නොසිට නිවසට යැමට සැරසෙන අවස්ථාවේදි සැකකාර ක්‍රීඩාභාර ගුරුවරයා විසින් මෙම ශිෂ්‍යාවට පහර දෙනු ලැබීය.

Read more

Local News