නිරෝධායන නීති කඩ කර සාද පැවැත්වූ අයට අධිකරණය දුන් නියෝගය

Share

රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හමුවේ කොවිඩ්-19 නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මඩකලපුව, කල්ලඩි සංචාරක නිකේතනයක සාදයකට සහභාගිවූ පිරිසකට දඩ නියම කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

 

අදාල සාදයට එක්වූ 39 දෙනෙකුගෙන් 25 දෙනෙකුට රුපියල් 4,000 බැගින් දඩ නියම කළ අතර 14 දෙනෙකු ට එරෙහිව වරෙන්තු නිකුත්කර ඇත.

පසුගිය දෙසැම්බර් මාස 15 වනදා එම සංචාරක නිකේතනයේ කොවිඩ් -19 නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වීමට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් නඩු පවරා තිබුණි

එම නඩුව ඊයේ (09) මඩකලපුව මහෙස්ත්‍රාත් ඉදිරියේ විභායට ගත්විට 25 දෙනෙකුට රු 4,000 බැගින් දඩ  නියම කළ අතර අධිකරණය මඟහැර සිටි 14  දෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට ද නියෝග කරන ලදී.

Read more

Local News