බන්ධනාගාර සදහා යළිත් විශේෂ කාර්යය බලකාය යොදවයි

Share

රට තුළ පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් බන්ධනාගාර පරීක්ෂා කිරීමේ කටයුතු වලින් දුරස්ථව සිටි විශේෂ කාර්යය බලකාය නැවතත් ඊයේ දින සිට ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා සදහන් කළේය.

 

මෙහිදී වැලිකඩ බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය යන බන්ධනාගාර ත්‍රිත්වය තුළ සිරකරුවන් සෝදිසි කිරීම්, නිලධාරීන් සෝදිසි කිරීම් යන කාර්යයන් සඳහා විශේෂ කාර්යය බලකාය ක්‍රියාත්මක වන බවද ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News