ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50 ක් දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බවද කාලගුණ අනවැකියේ දැක්වෙයි.

Read more

Local News