“යළි දකිමු දීඝවාපිය” ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් අරඹයි (ඡායාරූප)

Share

දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වුණි.

 

ඒ කොළඹ සම්බෝධි විහාරයේදිය.

මෙහිදී පාර්ශ්ව රැසක් දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය මුදල් ආධාර ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතුකර තිබුණි.

‘යළි දකිමු දීඝවාපිය’ නිල වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

එහිදී අදහස් දැක්වූ නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකායේ සභාපති, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ, දීඝවාපිය චෛත්‍ය වසර 03ක් තුළ ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ට වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදෙන බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායක් පත්කළ අතර එහි ප්‍රමුඛතම කාර්ය ලෙස තෝරා ගැනුණේ දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමය.

ඒ අනුව ‘යළි දකිමු දීඝවාපිය’ නමින් එම ක්‍රියාවලිය නම් කෙරුණු අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන්නේ ශ්‍රි ලංකා යුද හමුදාව හා සිවිල් ආරක්ෂක බලකායයි.May be an image of 2 people and people standing

May be an image of 2 people, people standing and indoor

May be an image of 2 people, people standing and indoor

May be an image of one or more people, people standing and indoor

May be an image of 2 people, people standing, flower and indoor

May be an image of 4 people, people standing and indoor

May be an image of 2 people, people standing and indoor

May be an image of 1 person, standing and indoor

 

Read more

Local News