කන්ටේනරයක ගැටී හය හැවිරිදි දරුවෙකු මරුට

Share

පාසලට යමින් සිටි සිසුවෙකු කන්ටේනර් රථයක ගැටී සිදු වූ අනතුරකින් දරුවා මියගොස් මිත්තනිය රෝහල් ගතකර ඇති බව පොලීසිය පවසයි.

 

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල අසේලපුර ප්‍රදේශයේ පදිංචි හය හැවිරිදි සිසුවෙකි.

මියගිය සිසුවාගේ මිත්තනිය මෙම දරුවාත් ඔහුගේ නිවුන් සොයුරාත් සමග පාසල බලා පා ගමනින් ගමන්කරමින් සිටිය දී බදුල්ල දේවාල වීදිය අසලදී කන්ටේනර් රථයක ගැටී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

අනතුරේ දී බරපතල තුවාල ලැබූ මියගිය දරුවාගේ මිත්තනිය බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙන බවත් ඒ සමග ගිය අනෙක් දරුවාට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් පොලීසිය සදහන් කරයි.

මේ වන විට ලොරි රථය හා එහි රියදුරු අත් අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read more

Local News