ඊයේ වාර්තා වූ කොවිඩ් රෝගීන්

Share

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගලයින් 774ක් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

දේශීයව හඳුනා ගෙන ඇති මෙම සියලු ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 208කි.

ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් 179 ක් ,රත්නපුර දිස්ත්‍රික්කයෙන් 82 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 66ක්, ලෙස  ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ වනවිට මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇති අතර ඊයේ දිනයේ ආසාදිතයින් 6 දෙනෙකු මිය යාමත් සමග මරණ සංඛ්‍යාව 403ක් ලෙස සටහන් විය.

එම මරණ වාර්තා වී ඇත්තේ, දිවුලන්කඩවල, පලලේතලවින්න, නුගේගොඩ, වත්තල, හුන්නස්ගිරිය සහ හංවැල්ල යන ප්‍රදේශවලිනි.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 715 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ද 69411 ක් දක්වා ඉහළ ගියේ ය.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 76428කි.

මේ අතර ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 92 ක් තුළ පුද්ගලයින් 9,152 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (15) දිනය තුළ මෙරටදී සිදුකර ඇති PCR පරීක්‍ෂණ 15,430 කි.

Read more

Local News