මෙරට සිදුවන රිය අනතුරු ගණන ඉහළට

Share

මෙරට සිදුවන රිය අනතුරුවලින් දිනකදී තුවාල ලබන ගණන 40ක් දක්වා වර්ධනය වී ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

 

රිය අනතුරුවලින් දිනකට 10ක් හෝ 11ක් මියයෑම සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ හේතුවෙන් රිය අනතුරු වළක්වා ගැනීමට ජනතාව මීට වඩා වැඩි අවධානයකින් කටයුතු කළයුතු බව ඔහු පෙන්වා දෙයි.

ලංකාව තුළ දිනකට වාර්තාවන රිය අනතුරු සංඛ්‍යාව 120ක් දක්වා ද වැඩි වී තිබේ.

අධික වේගය, බීමත්ව රිය පැදවීම, මාර්ග සංඥා නොතකා කටයුතු කිරීම මෙම අනතුරුවලට මූලික හේතුව ලෙස හඳුනාගෙන තිබේ.

පසුගිය පැය 24ක කාලය තුළ රිය අනතුරුවලින් සිදුවූ මරණ 11ක් පමණ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඉන් මරණ 09ක් ඊයේ සිදුවූ රිය අනතුරුවලින් සිදුව ඇති අතර තවත් මරණ 2ක් ඊට පෙර සිදුවූ අනතුරුවලින් රෝහල්ගතකර සිටියදී ඊයේ සිදුව තිබූ මරණයන් ය.

යතුරුපැදිකරුවන් 5 දෙනෙක් සහ පදිකයින් 4 දෙනෙක් එළෙස මියගිය අය අතර වේ.

අජිත් රෝහණ මහතා වැඩ්දුරටත් පැවසුවේ හැකිතාක් රිය ධාවනයේදී සැලකිලිමත් විය යුතු බවයි.

Read more

Local News