ජනමාධ්‍යවේදීන් හා තැපැල් නිලධාරීන්ටත් කොවිඩ් එන්නත දෙන්නැයි ඉල්ලීමක්

Share

කොවිඩ්-19 එන්නත කඩිනමින් ජනමාධ්‍යවේදීන්ට ද ලබාදීමට කටයුතු කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

 

අදාළ නිවේදනයේ සදහන් වන්නේ ජනමාධ්‍යවේදීන් විසින් සිදුකරනු ලබන රාජකාරිමය කටයුතුවල ස්වභාවය අනුව විවිධ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ඔවුන්ට සහභාගී වීමට සිදුවන බැවින් කොවිඩ් වෛරස අවදානම ඇතිවන කණ්ඩායමක් ලෙස මාධ්‍යවේදීන් හඳුනාගෙන ඇති බවයි.

මාධ්‍යවේදීන්ට මෙහි ප්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කරන ලෙස ලේකම්වරයා ඉල්ලා ඇත.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත එම ඉල්ලීම සිදුකර ඇති අතර මීට පෙර අමාත්‍යවරයා ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික කාර්යය සාධක බළකායෙන් එම ඉල්ලීම සිදුකර තිබේ.

මේ අතර ජනතාවට අවශ්‍ය ඖෂධ ලිපි, පාර්සල් ආදිය කඩිනමින් ලබාදෙමින් උපරිම සේවාවක නිරත වන තැපැල් සේවාවේ නිලධාරීන්ට ද මෙම එන්නත ලබාදෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඉල්ලීමක් සිදුකර තිබේ.

Read more

Local News