අමෙරිකානු සාම ප්‍රජා ස්වේච්ඡා වැඩසටහන නැවත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සදහා නව ද්වි-පාර්ශ්වික ගිවිසුමක්

Share

අමෙරිකානු සාම ප්‍රජා ස්වේච්ඡා වැඩසටහන නැවත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සදහා නව ද්වි-පාර්ශ්වික ගිවිසුමකට අරලියගහ මන්දිරයේදී අත්සන් කිරීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති අතුල් කෙෂප් යන මහත්වරු ඉදිරියේ දී එක්සත් ජනපද සාම හමුදාවේ වැඩබලන අධ්‍යක්ෂ ශීලා ක්‍රොවිලි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.

ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසන්නේ මෙම ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 70ක් සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් වන අතර දෙරට අතර පවතින සහයෝගීතාවයේ දීර්ඝ ඉතිහාසය පෙන්වන්නක් බවයි.

Read more

Local News