පාස්කු වාර්තාව දෙන තෙක් දේශපාලඥයින්ට කාදිනල් හිමි හමුවෙන්න බෑ

Share

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් කිසිදු දේශපාලඥයෙක් තමන් හමුවට නොපැමිණෙන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනය කර තිබේ.

 

ඒ හේතුවෙන් මාර්තු මස 02 දිනට යෙදී තිබූ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කතෝලික මන්ත්‍රීවරුන් හා අගරදගුරු හිමිපාණන් අතර හමුවද කල්දමා ඇති බව අගරදගුරු ලේකම් කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News