ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශවික ගිවිසුම්

Share

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට අරලියගහ මන්දිරයේ දී අත්සන් කරනු ලැබිය.

 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම් පහතින්

1.සංචාරක සහයෝගීතාව පිළිබඳව පාකිස්තාන ඉස්ලාමීය ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුම

2.ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

3.ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම

4.කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව

5.කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම

Read more

Local News