වියානා ඇලේ අතුරුදන්වූ ගුරුවරයාගේ මළ සිරුර අද හමුවෙයි

Share

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලා ඔය අන්තර් නිම්ණ ඇල මාර්ගයට ඊයේ (26) උදෑසන පෙරලී ගිය මෝටර් රථයේ සිට අතුරුදන්වූ ගුරුවරයාගේ මළ සිරුර සිද්ධියෙන් පැය 24 කට පමණ පසුව අද (27) සොයා ගත් බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ නලින් කාරියවසම් නැමැති තිස්සපුර විද්‍යාලයේ ගුරුවරයෙකි.

අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් 8 ක් පමණ පහළින් පිහිටි වියානා ඇල කෙලවර දියබානාවැවේ ඔරුබැදිවැව ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සිරුර සොයා ගෙන ඇත.

Read more

Local News