වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණය තුරන් කිරිම සඳහා ත්‍රිපෝෂ බෙදාහැරීම විධිමත් කිරිමට පියවර – සෞඛ්‍ය අැමති

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණය තුරන් කිරිම සදහා ත්‍රිපෝෂ බෙදාහැරීම විධිමත් කිරිමට පියවර ගන්නා ලෙසයි.

වතුකරයේ දරුවන්ගේ පෝෂණ ඌණතාවයන් සහ පෙරපාසල් ළමයින් සදහා සුදුසු පෝෂ්‍යදායි ආහාරවේලක් ලබාදීම පිළිබදව දිර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කෙරුණි. එහිදී පෝෂ්‍යදායි බිස්කට් වර්ගයක් මාස 04 ක කාලයක් පළමුව ලබාදීමට තීරණය කර ඇත.

2017 වසරේ දී වතුකරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ත්‍රිපෝෂ පැකට් මිලියනකට අධික ප්‍රමාණයක් බෙදාහැර ඇත. එම ත්‍රිපෝෂ විධිමත්ව බෙදාහැරිම සදහා කටයුතු කළ යුතු බවත්, වතු රෝහල් රජයට පවරා ගැනීමෙන් පසු රෝහල් ආශ්‍රීතව ත්‍රිපෝෂ බෙදාහැරිම ආරම්භ කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරන ලදි.

තව ද පෞද්ගලික රෝහල් නියාමනය කිරිමේ වැඩපිළීවෙල යටතේ දැනට ලැබී ඇති මිල ගණන් පිළිබදව පෞද්ගලික රෝහල් හිමිකරුවන්ගේ සංගමය සමග සාකච්ඡා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

ඇතැම් මිල ගණන් යළි සංශෝධනය විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී ඇත. කඩිනමින් පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළීවෙල ආරම්භ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

Read more

Local News