කොළඹ කොටුව වරාය නගරයේ මාළු ඇල්ලීමට කැබ් රථයකින් චීන ජාතිකයින් තුන් දෙනෙකු පැමිණ තිබුණේ පසුගිය 22 වනදා අලුයම් කාලයේදී පසුව වාහන දෙකකින් එම ස්ථානයට පැමිණි තවත් චීන ජාතිකයින් පිරිසක් ඔවුන්ට පහර දී තිබුණා. පහරදුන් පිරිස එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ඔවුන් පැමිණි එක් වෑන් රථයක්ද එහි දමා පළාගොස් තිබුණා. අදාළ වෑන් රථයේ තිබී වායු පිස්තෝලයක් ද සොයාගෙන තිබුණා. එම ගැටුමෙන් පසු අතුරුදන්ව සිටි චීන ජාතිකයෙකුගේ මළ සිරුර ඇහැලියගොඩ කරදන ප්රදේශයේ ලදු කැලෑවක තිබී ඊයේ සොයාගත්තා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



