නාවික හමුදා මැරීන් බලඇණියේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 139 දෙනෙකු විසිර යති

Share

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව ලැබූ තෙවන කණ්ඩායම අයත් නිලධාරීන් 16 දෙනෙකු සහ නාවිකයන් 123 දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (27) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.

මෙම විසිර යාමේ සහ ලාංඡන පැළදවීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික ප්‍රදේශය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සහභාගී විය.

ඉතා උත්කර්ශවත් ලෙස පැවැත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය මැරීන් බලඇණියේ හැකියාවන් සහ දක්ෂතාවයන් විදහා දැක්වෙන අලංකාර සංදර්ශණයකින් ද සමන්විත විය.

Read more

Local News