සෞඛ්‍ය අමාත්‍යාංශය දෙවන ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ක්‍රියාත්මක කරයි

Share

අනතුරු නිවාරණය සඳහා කටයුතු කරන සියලු පර්ශවයන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන දෙවන ජාතික අනතුරු නිවාරණ සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව සැප්තැම්බර් 18 අද සිට 22 දක්වා මෙම සතිය ක්‍රියාත්මක කෙරේ. මෙම සතිය පුරා සිදුවන විවිධ අනතුරු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමත්‍යංශය,පොලීසිය ඇතුළු අනෙකුත් ආයතන බලාපොරොත්තු වෙයි.
අනතුරු නිවාරණ සතියේ දී එක් එක් දින විවිධ අනතුරු  සිදුවන ස්ථාන අනුව වෙන් කර ගෙන තිබේ.

සැප්තැම්බර් 18 දිනය මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය, සැප්තැම්බර් 19 දිනය සේවා ස්ථානයන්හි අනතුරු වැලැක්වීමේ දිනයයි. සැප්තැම්බර් 20 දිනය නිවසේ දී සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයයි.සැප්තැම්බර් 21පෙර පාසල්වල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයයි. සැප්තැම්බර් 22 දිනය පසල්වල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයයි.

වෛද්‍යවරු පෙන්වා දෙන ආකාරයට රෝහල්ගතවීම්වලින් ප්‍රධාන හේතු සාධකය අනතුරු බව පවසයි. අනතුරු හේතුවෙන් වසරකට ජීවිත 3000ක් පමණ අහිමි වෙයි. මිලියනයකට අධික ජනතාවක් විවිධ අනතුරු නිසා රෝහල්ගත වන බවද වෛද්‍යවරු පවසයි.

 

Read more

Local News