දිග්ගල්පුර ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ සංඝාවාසය සඝ සතු කොට පූජා කරයි

පොළොන්නරුව, දිග්ගල්පුර ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද සංඝාවාසය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (01) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක්විය.
ශ්‍යාමෝපාලි වංශික අස්ගිරි පාර්ශ්වයේ පොළොන්නරුව, තමන්කඩුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මෑතගම සෝමානන්ද නායක හිමිපාණන් වහන්සේ, ශ්‍යාමෝපාලි වංශික අස්ගිරි පාර්ශ්වයේ උඩහේවාහැට වළපන දෙදිසාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය අඹලින්දේ ගුණරතන නායක හිමිපාණන් වහන්සේ, ශ්‍යාමෝපාලි වංශික අස්ගිරි පාර්ශ්වයේ හිගුරක්ගොඩ හා මැදිරිගිරිය දෙපළාතේ ප්‍රධාන සංඝනායක, දිග්ගල්පුර ශ්‍රී සුදර්මාරාම විහාරාධිපති දැවගොඩ ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් රංජිත් ආරියරත්න, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් ඩී.එම්. කරුණාරත්න යන මහත්ම මහත්මින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.