ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන් වෙයි

Share

ශ්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 19 වන වරටත් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා පාපැදි සවාරිය පසුගිය 02,03 සහ ඊයේ (04) දිනයන්හිදී පැවැත්විණි.

මෙම තරගාවලිය සඳහා, ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පාපැදි තරගකරුවන් 170 කට අධික ප‍්‍රමාණයක් සහභාගී වූහ.

තරගාවලියේ ජයග‍්‍රාහිකයින් සඳහා ත්‍යාග ප‍්‍රධානොත්සවය ඊයේ (04) දින අම්පාර ගුවන් හමුදා කදවුරු පරිශ‍්‍රයේදි පැවැත්විණි. ඒ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

 

පිරිමි පාපැදි සවාරියේ සමස්ත ශුරතාවය ගුවන් හමුදාව සතුකරගත් අතර සමස්ත පාපැදි සවාරියේ ශූරයා ගුවන් හමුදාවේ මධුශංක ප‍්‍රනාන්දු විසින් හිමිකර ගන්නා ලදි.

එසේම ඊයේ (04) දින කාන්තාවන් වෙනුවෙන්ද එක් තරග අංශයක් පැවැත්වු අතර එය මඩකලපුව කල්ලඩි පාලම අසලින් ආරම්භ වි අම්පාර තරුණසේවා මධ්‍යස්ථානය ඉදිරිපිටින් අවසන් විය. එහි දුර ප‍්‍රමාණය කි.මී. 65.2 කි.

කාන්තා තරගයේ සමස්ත ශුරතාවය ගුවන් හමුදාව විසින් හිමිකරගත් අතර තරගයේ ප‍්‍රථම ස්ථානය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කළ නිලූකා ශාමලි විසින් හිමිකර ගන්නා ලදි.

 

Read more

Local News