කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයට අයදුම්කරුවන් 22581 ක්

Share

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2018 වර්ෂයට අදාළ ඇගයුම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීණතා පරීක්‍ෂණ මාර්තු මස 19 දින ආරම්භ වීමට නියමිතය.

මෙවර පරීක්‍ෂණය පරිගණක ආශ‍්‍රයෙන් පමණක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව එක් එක් විභාග අපේක්‍ෂකයින් හට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය (www.slbfe.lk) වෙබ් අඩවිය මඟින් දැනගත හැකිය.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වා විභාගය පැවැත්වෙන අතර නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා විභාගය පැවැත්වේ.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 22581 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. ඉන් 19157ක් නිෂ්පාදන අංශය සඳහා සහ 3424 දෙනෙකු ඉදිකිරීම් අංශයේ විභාගය සඳහා පෙනි සිටීමට නියමිතය.

Read more

Local News