ගිය වසරේ විශිෂ්ඨතම ගුවන් භටයින් වෙනුවෙන් සම්මාන පිරිනැමේ

Share

විශිෂ්ඨතම ගුවන් භටයා හෝ ගුවන් කාන්තාව තෝරා තිළිණ ප්‍රදානය කරමින් ගෞරව දැක්වීමේ වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙල කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන් විවි උත්සව ශාලාවේදී පැවැත්විණි. ඒ  ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා උන්නතිය වෙනුවෙන් තම වෘත්තීය අභිබවා යමින් නිර්මාණශීලි, නිපැයුම්, සොයා ගැනීම් ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු කළ ගුවන් භටයාට සහ ගුවන් කාන්තාවට මෙම සම්මාන පිරිනැමීම සිදු විය.

ගගන ඉංජිනේරු, සාමාන්‍ය ඉංජිනේරු, විද්‍යුත් සහ සන්නිවේදන ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු සැපයුම්, පරිපාලන, මෙහෙයුම්, සෞඛ්‍ය සහ දත්ත වෛද්‍ය යන අංශයන්හි සේවා නියුතු වුවන් මේ සඳහා තෝරා ගෙන ඇත.

ඒ ඒ වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබා ගන්නා සේවා පුද්ගලයා වසරේ විශිෂ්ඨතම සේවා පුද්ගයා ලෙස සම්මාන ලැබීමට සුදුසුකම් ලබයි.

ගුවන් හමුදාවේ වැඩකටයුතු පහසු කරගැනීමට කරනු ලබන නව සොයා ගැනීම් සිදු කරන කණ්ඩායම සඳහා සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු කරනු ලැබේ.

2017 වසරේ විශිෂ්ඨම ගුවන් භටයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ අංක 02 ප්‍රවාහන බලගණයේ සේවය කරන 20403 බලපන්ති සැරයන් සුසන්ත එච්පී (ගුවන් යානා ඉංජිනේරු ශිල්පි විශේෂ1) සම්මානයෙන් පිදුම් ලැබූ අතර විශිෂ්ඨතම ගුවන් කාන්තාව ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදු දියතලාව සටන් පුහුණු පාසලේ සේවය කරන 3238 කෝප්‍රල් රුක්ෂානි විසිකේ (මෙහෙයුම් භූමිII) පිදුම් ලැබීය.

Read more

Local News