මහනුවර ගැටලුව විසඳීමට ආගමික නායකයින් හා ආරක්ෂක අංශ සමඟ ජනපති විශේෂ සාකච්ඡාවක්

Share

මහනුවර ආශ්‍රිතව පවතින නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධව ආගමික නායකයින් හා ආරක්ෂක අංශ සමඟ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර ජනපති මන්දිරයේ දී ඊයේ (7) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව තම තමන්ගේ බල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ජාතික සමඟිය ගොඩනැ‍ඟීම සඳහා වන වැඩසටහන් ක්‍රියාවට නැංවීම පිණිස නායකත්වය ගන්නැයි එහි දී ජනපතිවරයා සර්ව ආගමික නායකත්වයෙන් ඉල්ලා සිටියේය.

සාමය හා සංහිඳියාව ගොඩනැ‍ඟීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ආගමික නායකයන්ගේ සහයෝගය ලැබෙන අතරතුර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ගතහැකි සියලු පියවර ගන්නැයි ජනපතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍යය දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි යන හිමිවරු ප්‍රමුඛ සර්ව ආගමික නායකයින් ද දේශපාලනඥයන් රැසක් ද සහභාගී වූහ.

Read more

Local News