ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ මෙරට පාසල් පද්ධතිය සංවර්ධනය කිරීමට තවත් රු.මි. 1700ක්

Share

අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන අැත්තේ ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ මෙරට පාසල් පද්ධතිය සංවර්ධනය කිරීම වෙනුවෙන් මේ වසරේ පෙබරවාරි මස සිට මාර්තු 08 දක්වා කාලය තුළ තවත් රුපියල් මිලියන 1700ක් මුදාහැරීමටයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව 2016 වසරේ සිට ළඟම පාසල – හොඳම පාසල ජාතික ව්‍යාපෘතිය ආරම්භ කළ අතර, මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් ජාතික පාසල් 282ක් සහ පළාත් පාසල් 9063ක, ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 18,654ක් හරහා සංවර්ධන කටයුතු සිදු කෙරේ.

2016 වසරේ සිට 2020 තෙක් සිවු අවුරුදු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවා ඇති මෙම ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් බිලියන 64 ක් වන අතර, මේ වනවිටත් සමස්ත ආයෝජනයෙන් රුපියල් බිලියන 26. 7ක් පාසල් පද්ධතිය වෙත මුදාහැර අවසන් බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

2017 දෙසැම්බර් අවසන් වනවිට පාසල්වල හඳුනාගත් සංවර්ධන අවශ්‍යතා සහිත ව්‍යාපෘති 13,082ක් ආරම්භ කර,  ඒ අතරින් ව්‍යාපෘති 7,296ක සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් කර තිබේ.

Read more

Local News