මැටි ආශ්‍රිත කර්මාන්තකරුවන් නගා සිටුවීමට මැටි භාණ්ඩ ගම්මාන සංවර්ධනයට රුපියල් මිලියන 5 ක්

Share

දිවයින පුරා විසිරී සිටින මැටි ආශ්‍රිත කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණින් මැටි භාණ්ඩ නිෂ්පාදන ගම්මාන සංවර්ධනය සදහා ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශය රුපියල් මිලියන 05 ක් වෙන් කර ඇත.

මේ යටතේ කෑගල්ල, නුවරඑළිය, මාතලේ, මොණරාගල, පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට හා ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි ගම්මාන 24 ක් සංවර්ධනය කෙරේ.

මෙමගින් ප්‍රතිලාභීන් 282 කට සෙත සැලසෙන අතර කර්මාන්තකරුවන් සඳහා නව තාක්ෂණය හා දැනුම ලබා දීම සඳහා පුහුණු වැඩ සටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ කර්මාන්තකරුවන් සඳහා විදුලි සකපෝරු, පහන් අච්චු, මල් පෝචිචි අච්චු, මැටි අඹරන යන්ත්‍ර, ගෑස් වළං නිෂ්පාදන යන්ත්‍ර හා පෝරණු ලබා දීමට නියමිතය.

Read more

Local News