පාසල් සිසුවෙකු වනඅලි ප්‍රහාරයකින් රෝහල් ගත කරයි

Share

පාසල් යමින් සිටි හල්දුම්මුල්ල නිකපොත අක්කරසීය ප්‍රදේශයේ අටහැවිරිදි පාසල් සිසුවෙකු අද (12) උදෑසන වනඅලි ප්‍රහාරයකට ලක්වී කොස්ලන්ද දිසා රෝහලට ඇතුළු කර තිබේ.

නිකපොත මහ විදුහලේ ඉගෙනුම ලබන අරුණ කුමාර නැමැති මෙම සිසුවා සිය මව හා සහෝදරිය සමඟ උදෑසන 6.00 ට පමණ මාර්ගයේ ගමන් කරමින් සිටියදී කාල්කන්න ප්‍රදේශයේදී මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

මවට හා සහෝදරියට කිසිඳු අනතුරක් සිදුවී නොමැත.

Read more

Local News