මේ වසරේ මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර

Share

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන්නේ 2018 වසරේ මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙ. ටො. 812,000 දක්වා ඉහළ නැංවීමටයි.

2017 වසරේ මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙ.ටො. 389,500ක් විය.

ගැඹුරු මුහුදේ මත්ස්‍ය අස්වැන්න මෙ.ටො. 434,000ක් ද, ජලජීවි වගාව තුළින් මෙ. ටො. 140,000ක් ද, මිරිදිය අංශයෙන් මෙ. ටො. 238,000ක් වශයෙන් අස්වැන්නක් නෙලා ගැනීම ඉලක්ක කර තිබේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ මෙම ඉලක්ක ජයගැනීම සඳහා පසු අස්වනු නාස්තිය අවම කිරීම, නව ශීතාගාර පහසුකම් ලබා දීම, නව තාක්ෂණික උපකරණ සහිත ධීවර බෝට්ටු හඳුන්වා දීම, සියයට 50 සහනාධාර පදනම යටතේ විශාල ප්‍රමාණයේ බහුදින ධීවර යාත්‍රා ධීවර කාර්මිකයින් වෙත ලබා දීම හා වගකීමෙන් යුත් ධිවර කර්මාන්තයක් සඳහා ධීවර කාර්මිකයින් උනන්දු කරවීම වැනි පියවර රැසක් ගැනීමට කටයුතු කර ඇති බවයි.

Read more

Local News