දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ රිය අනතුරක් – එකම පවුලේ සිව් දෙනෙකුට බරපතල තුවාල

Share

දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම දී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ති‍්‍රරෝද රථයක් හා වැන් රථයක් එකිනෙක ගැටි සිදුවු රිය අනතුරකින් ති‍්‍රරෝද රථයේ සිටි එකම පවුලේ සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ගලේවෙල පොලිසිය පවසයි.

වැන් රථයක් ති‍්‍රරෝද රථයේ පිටුපස ගැටිමෙන් පසු ති‍්‍රරෝද රථය මාර්ගයෙන් ඉවතට විසිවි අසල තිබු වෙල්යායකට පෙරැලී මෙම අනතුර සිදුවි ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Read more

Local News