ඉන්දියාව සමඟ අවසන් තරඟයට බංග්ලාදේශය සුදුසුකම් ලබයි

Share

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය සදහා සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශය ඊයේ (16දා) සමත්විය. ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැති හයවැනි තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී පන්දුවක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත්විය.

ප්‍රථමයෙන් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 159ක් රැස් කළේය.

ලකුණු 41 කට කඩුලු 5 ක් දැවී අන්ත අසරණවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට නව ජවයක් ලබාදුන් කුසල් පෙරේරා සහ තිසර පෙරේරා හයවැනි කඩුල්ල සදහා පන්දු 61 කදී ලකුණු 97 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

කුසල් පෙරේරා (61) සහ තිසර පෙරේරාගේ (58) විශිෂ්ට පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 159 ක් රැස්කිරීමට සමත්වූහ.

ඒ අනුව 160ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8 ක් දැවී පන්දුවක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත්විය.

සිය 10 වැනි විස්සයි20 අර්ධ ශතකය පන්දු 32 කදී වාර්තා කළ කුසල් පෙරේරා ලකුණු 1000 පසු කළ පස්වැනි ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්විය. මින් පෙර තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 100 සම්පූර්ණ කිරීමට සමත්වූහ.

Read more

Local News