ජාතිකත්වය පදනම් කරගෙන පාසල් බිහි වීම ජාතීන් අතර සාමය සහ සංහිඳියාව බිඳ වැටීමට බලපෑවා – මල්වතු මහනායක හිමිපාණෝ

Share

සිංහල, දෙමළ සහ මුස්ලිම් වශයෙන් ජාතිකත්වය පදනම් කරගෙන පාසල් බිහි වීම ජාතීන් අතර සාමය සහ සංහිඳියාව පලුදු කිරීමට හේතු වූ බව මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ සේක.

පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළේ මල්වතු විහාරයේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මුල් යුගයේ මෙරට පැවති අධ්‍යාපනය ක්‍රමය අනුව සිංහල, දමිළ සහ මුස්ලිම් යන සියළුම දරු දැරියන් එකම පාසලක් තුළ සාමයෙන් සහ සමඟියෙන් අධ්‍යාපන ලැබූ බවත් ඒ තුළින් ඔවුන් සංහිදියාව පිළිබද ප්‍රායෝගිකවම උගත් බවත් පැවසූ සේක. නමුත් පසු කලෙකදී පාසල් අධ්‍යාපනය තුළ ජාතීන් අනුව පාසල් බිහි වීම නිසා සිසු සිසුවියන් අතර පැවති මෙම එකමුතු බව සහ අනෝන්‍ය අවබෝධය බිද වැටුනු බවද පෙන්වා දෙන ලදී. සියළුම භාෂාවන් ඉගෙන ගැනීමට තිබූ හැකියාවද ඒ තුළින් දුරස් වූ බවද උන් වහන්සේ පෙන්වා දෙන ලදී. වර්තමානයේ ජාතීන් අතර ඇති වන විවිධ අර්බුද සදහා මේවා බලපාන බවද උන්වහන්සේ පෙන්වා දෙන ලදී.

Read more

Local News