ගාමිණී දිසානායක මැතිඳුන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම අදයි

Share

ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන, වැවිලි කර්මාන්ත හිටපු අමාත්‍ය 1994 වසරේ ජනාධිපති අපේක්‍ෂක ගාමිණී දිසානායක මැතිඳුන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම මාර්තු මස 20 වන අද දිනට යෙදී තිබේ.

මේ නිමිත්තෙන් පෙ.ව. 9.00 ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ චාම් උත්සවයක් පැවැත්වීමට ගාමිණී දිසානායක පදනම කටයුතු සංවිධානය කර ඇති අතර එදිනම ප.ව. 2.30ට රාජගිරිය පිහිටි වික්ටෝරියා සුවකළ නොහැකි රෝගීන්ගේ නිවාසයේ නේවාසික රෝගීන් උදෙසා සවස තේ පැන් දානයක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.

කොළබ 08 ජයවර්ධනාරාමාධිපති දේවහන්දිය පඤ්ඤාසේකර නායක ස්වාමින් වහන්සේ වැඩම කරවා විශේෂ ධර්ම දේශණයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කොට ඇත.

2018 මාර්තු 22 වැනි දින නුවරඑළිය ගාමිණී දිසානායක තාක්‍ෂණික හා වෘත්තීය පුහුණු ආයතනයේ දි ගාමිණී දිසානායක ගුණ සමරු දේශණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා දේශකයාණන් ලෙස සහභාගි වේ. මෙය විවෘත දේශණයක් ලෙස පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

Read more

Local News